ඉදිරියේදී ඉන්ධන මිල අඩු වුවද ජූලි මස මුල සිට බස් ගාස්තු සියයට 20කින් වැඩි වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

සෑම වසරකම ජූලි 01 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරමින් ජූලි මස 03 වන දින ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවධානය යොමුව ඇති බවයි නෙත් නිව්ස් සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර පකිස්තාන ඇතුළු රටවල් කිහිපයක් ඉන්ධන මිල පහත දැමීමට කටයුතු කර තිබෙනවා. එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්ධන මිල පහළ දමා නැහැ. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක අදහස් පළ කළා.