ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අද උදෑසන එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක්.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 20දෙනෙකු පමණ එම බස් රථයේ රැදී සිට තිබෙනවා.

බස් රථ රියදුරාට නින්දයාම හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.