Published
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම පිළිබඳ නියෝගය මේ මස 30 වන දා ප්රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.
අදාල පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.




