තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.
අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී දෙරට අතර ද්වීපාර්ශ්වීය ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
වසර 38 කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
මෙම සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු උසස් නිලධාරීන් හමුවීමට ද නියමිතයි.
පසුගිය වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබූ ඉන්දු - ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.








