දෙහිඅත්තකණ්ඩිය, මුවගම්මන ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අකුරැස්ස, බෝගස්වැව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ.

පුරාවස්තු සොයා කැණිම් සිදුකිරීමට සැකකරුවන් යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.