Published
මුන්දලම, නවදම්කුලම ප්රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ බිංගිරිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු හා සැකකරු පොල් වත්තක රැකියාව සිදුකරන අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
තුවාල ලබා ඇති සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට පුත්තලම රෝහලේ ප්රතිකාර ලබනවා.




