Published
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
ඒ, ඔහු රදවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටයි.
ප්රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.




