Published
මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම ත්‍රීරෝද රථයේ සිටි පාසල් සිසුවෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.
කෙසේවෙතත් ත්‍රීරෝද රථයේ රියදුරා දිවි ගලවා ගෙන තිබෙනවා.
නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව එම ගස කපා ඉවත් කර මළසිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ප්‍රදේශවාසින් පවසන්නේ එම මාර්ගය ආසන්නයේ කාලයක් තිස්සේ දිරාපත් වි තිබූ එම යූකැලිප්ටිස් ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දි තිබුණද එයට නිසි විසදුම් නොලැබුණු බවයි.




