ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදීයි.

අදාළ බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකාව දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ පසුගිය 5 වනදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදව සිය භාරයට ගනු ලැබුවා.

එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 57කට අධික තොගයක් සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

එහි සිටි සැකකරුවන් 5 දෙනෙකුද නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

මේ අතර රටම එකට ජාතික මෙහෙයුම යටතේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2,773 කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,130 කට අධික තොගයක් මේ වනවිට නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 114කට අධික වනවා.

මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 73කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.