පළාත් 7කට අද (10) දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වල එලෙස වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට ද එලෙස වැසි ඇති විය හැකියි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් , බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, හෙට දින පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇති බවට ද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව වැඩ් දුරටත් පැවසුවා.




