ප්රමාද වූ සියලුම වාහන අංක තහඩු මාස 6ක කාලයක් තුළ ලබා දී අවසන් කරන බව මොටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්රනාන්දු මහතා පැවසුවේ ප්රමාද වූ සියලු අංක තහඩු ලබාදීමෙන් අනතුරුව එතැන් සිට වාහනයක් ලියාපදිංචි කර සතියක් ඇතුළත අංක තහඩු ලබා දීමට කටයුතු කරන බවයි.
"නම්බර් ප්ලේට්ස් අපි විශේෂයෙන්ම කියනවා නම් මේ අවුරුද්දේ මාර්තු 10 තමයි මේ නම්බර් ප්ලේට්ස් ඉෂූ කරන්න අලුත් කන්ට්රැක්ට් එක දුන්නේ. එයා දැන් එදා ඉඳන් මාර්තු 10 ඉඳන් ඉස්සරහට තියෙන නම්බර් ප්ලේට්ස් හදාගෙන යනවා. දැනට මේ අවස්ථාව වෙනකොට මාර්තු 10 ඉඳන් අද වෙනකන් නම්බර් ප්ලේට්ස් 62,000කට ආසන්න ගාණක් හදලා තියෙන්නේ. අපි දැනුවත් කිරීමක් කරා මේක ඒ කියන්නේ මහජනතාවට ඇවිල්ලා අරගෙන යන්න කියලා. ඊට අමතරව 2023, 24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32,000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කන්ට්රැක්ට් එකක් ලබන සතියේ අත්සන් කරනවා, ඒ 2025 ටික ඒ බැක්ලොග් එක ක්ලියර් කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස හය වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත්කාලීන කරලා එතනින් එහාට ඕනෑම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කරපු දවසේ සිට දවස් හතක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලබලා දෙන්න."




