සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වන සැකකරුවන් දෙදෙනෙකු අහුංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලපිටිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, එම පතරොම් ගැබ් 01 ක්, එම ජීව පතරොම් 16 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500 ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
එම පිස්තෝල අවිය මීට දින කිහිපයකට පෙර වෙනත් පුද්ගලයෙකු විසින් සැකකරුට ලබාදී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
එම සැකකරුද අම්බලන්ගොඩ, වදදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔහුද බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
යම් අපරාධයක් සිදුකිරීම සදහා අදාළ සංවිධානාත්මක අපරාධකරු විසින් එම පිස්තෝලය ලබාදී ඇති බවයි පොලීසිය දැනට සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.




