Published
පාසලෙන් ලබාදුන් උදෑසන ආහාරය විෂ වීම හේතුවෙන් ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක සිසුන් 34 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම පාසලේ 03 වසරේ සිට 05 වසර දක්වා ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස රෝගාතුර වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
උදෑසන ආහාරය සඳහා ලබාදුන් බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් අනුභව කිරීමෙන් පසු ඇති වූ වමනය, ක්ලාන්තය සහ පපුවේ අමාරුව හේතුවෙන් එම සිසුන් මෙලෙස රෝහල්ගත කර තිබෙනවා.
රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් වෛද්‍යවරුන් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





