විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබා දුන් පොරොන්දුව වත්මන් ආණ්ඩුව අද වනවිට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
"අපිට තියෙන ගැටළුව මේ ආණ්ඩුවට තිබ්බු ජන වරමය කොහෙවක්වත් නෑ. මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෑල්ලක් සංශෝධනය කර ගැනීම පිළිබඳව කතාවක් නෑ. මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව ලබා දීපු පොරොන්දුව තමයි, අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කිව්වා. ඒකාධිපති වියරු ජනාධිපති ක්‍රමය පරදවලා ඒක නැති කරලා දානවා කියලා ඔවුන් එදා කිව්වා. එතකොට අපි විශ්වාස කරා, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න ඉස්සෙල්ලා අඩුම ගානේ මේ ඒකාධිපති වියරු ජනාධිපති ක්‍රමයවත් මේ ජනාධිපතිතුමා තමන්ගේ ධූර කාලයේදී අවසන් කරයි කියලා. හැබැයි අද ඒක ගැන මීක් නෑ ජනාධිපතිතුමා. අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරව් කියලා සටන් පාඨ කියපු, පෝස්ටර් ගහපු, ඒ වෙනුවෙන් හඬ නගපු ජනාධිපතිවරයා අද විධායක ජනාධිපති ක්‍රමයේ බලතල පාවිච්චි කරමින් මේ රට අඳුරු අගාධයකට ගෙනියන බවක් තමයි අපිට පෙනෙන්නේ."




