Published
බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙල්ලන්විල ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු වන 55 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
අදාල පුද්ගලයා තමන්ගේ නිවාඩු නිකේතනය ඉදිරිපිට රැඳී සිටින අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ ව්‍යාපාරිකයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් හෝ ඒ සඳහා යොදාගත් ගිනි අවිය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.




