2027 අයවැය ලේඛණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, අද පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සිදුකළ යුතු වනවා.

ඒ අනුවයි අද පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සදහා අනුමැතිය ලබාගෙන ඇත්තේ.

2027 වසර සඳහා වන අයවැය කථාව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.