Published
පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන නිෂ්කාශන සහතිකපත් නිකුත් කිරීමේ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ පිහිටි නිෂ්කාශන අංශය මගින් අදාළ සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ මුද්‍රණය කිරීම සිදුකරනු ලබන දත්ත පද්ධතිය ඊයේ දහවල් 12.50 සිට මෙලෙස අක්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කර අදාළ දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
ඒ අනුව අදාළ දත්ත පද්ධතිය යාවත්කාලීන වන තෙක් නිෂ්කාශන වාර්තා ඉල්ලුම් නොකරන ලෙසත්, පද්ධතිය යථා තත්ත්වයට පත් වූ වහාම නැවත අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවත් පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.




