Published
කොළඹ 09 ප්රදේශයේ මහල් නිවාසයක රැදී සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයෙන් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12ක් වූ ළමයෙකු බවයි පොලීසිය පැවසුවේ.
ඔහු මහල් 14කින් සමන්විත එම මහල් නිවාසයේ උඩු මහලේ පිහිටි නාන තාටාකය ආසන්නයේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටින අතරතුර මෙලෙස පහළට ඇදවැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




