Published
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම - දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ රථවාහන ගමනාගමනය සිමා කර තිබෙනවා.
ඒ, එම කොටසේ කිලෝමීටර් 17 හා 19, 28 හා 30 යන කොටස් දෙකෙහි මාතර දෙසට දිවෙන මංතීරුවේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.
මෙම කොටස් දෙක අතර රථවාහන ධාවනය කොළඹ දෙසට ඇති මංතීරු දෙක දෙපසට ගමන් කළ හැකි පරිදි බෙදා රථ වාහන ධාවනයට කටයුතු සලසා ඇති බවයි අධිවේගි මාර්ග පොලිස් කොට්ඨාසය සදහන් කළේ.
එම ස්ථානයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් හා අනතුරු සිදුවිය හැකි බැවින් එම ප්රදේශ හරහා ගමන් කිරීමේදි සැලිකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.




