වීරකැටිය, මැදමුලන. කිංචිගුණේ ප්‍රදේශයේදී පිස්තෝල අවියක් හා එම පතරොම් 6 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වීරකැටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.