Published
රත්ගම, කටුපොල්කෑල්ල ප්රදේශයේ ඊයේ රාත්රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා රත්ගම රෝහලේ සිට කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
ඔහු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කැළෑබද ප්රදේශයකදි ඊයේ රාත්රී වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම කැළැබද ප්රදේශයේ සැගව සිටි පුද්ගලයෙකු විසින් ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 32 ක් වන රත්ගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.




