රඹුක්කන ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

රඹුක්කන සිට පානදුර දක්වා ධාවනයන කිරීමට නියමිතව තිබූ දුම්රිය එලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම දුම්රිය පීලි පැනීමකට ලක් වුවද එම මාර්ගයේ කිසිදු දුම්රිය ප්‍රමාදයක් සිදුව නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

පීලි පැනීමට ලක්වූ එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර තිබෙනවා.