Published
ලාෆ්ස් ගෑස් භාවිත කරන ආපන ශාලාවල තේ, කිරි තේ සහ කෙටි ආහාර වර්ගවල මිල පමණක් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව තේ කෝප්පයක මිල රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් සහ කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 5 කින් පමණක් ඉහළ දමන බවද ඔහු පැවසුවා.
ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණේ රුපියල් 545කින්.
එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,245ක් වනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දැමූ අතර, එහි නව මිල රු. 2,500ක් වනවා.
කෙසේවෙතත් මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කෙරුණේ නැහැ.




