Published
අහුංගල්ල, වැලිකන්ද ප්රදේශයේදි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තාගේ සොහොයුරා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශවයෙන් බවට පොලිසිය සැක පළ කරනවා.
ලොකු පැටී නමැත්තාගේ සොහොයුරා සිය නිවස ඉදිරිපිට රැදී සිටියදි පා ගමනින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩික්කරු කැළැබද ප්රදේශයක සිට පා ගමනින් පැමිණ වෙඩි තැබීම සිදුකර යළි කැළෑබද ප්රදේශයටම පලාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් තුනක් තවදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.




