වත්මන් ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තියේ යම් යම් ගැටළු පවතින බවට පෙනී යන්නේ යැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පෙර ආණ්ඩු ක්‍රියාත්මක කළ විදෙස් ප්‍රතිපත්තියම, වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටියද ප්‍රායෝගික භාවිතයේදී ගැටළු ඇතැයි පෙනෙන්නට ඇති බවයි.

නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව ප්‍රකාශ කළා.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහභාගි වූ නෙත් නිවුස් රතු කට්ට් සම්පූර්ණ දේශපාලන සංවාදය පහතින්