වනසතුන් දඩයම් කිරීම සඳහා හක්ක පටස් හයක් ළග තබාගෙන සිටි යුද හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහටගස්දිගිලිය අඩවි වන ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගගුරුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

ඔහු හක්ක පටස් භාවිත කරමින් වනසතුන් දඩයම් කරන බවට වනජීවී නිලධාරින්ට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා කහටගස්දිගිලිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.