Published
අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.
ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටීමේ සිද්ධියකට අදාළව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.




