තෙල්දෙණිය, බඹරගල පන්සල අසළ ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් සමග දිය නාමින් සිටි තවත් තරුණෙයෙකු බේරාගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු තෙල්දෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස දිය නෑමට ගොස් ඇත්තේ වයස අවුරුදු 18ත් - 21ත් අතර පසුවන කටුගස්තොට, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.