බුත්තල නගරය ආසන්නයේ නිවසක් අසල පිරිසිදු කරමින් සිටි කාන්තාවක් විදුලි සැරවැදී ජිවිතක්‍ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ නිවසක සිට අසල පිහිටි වෙලදසැලකට විදුලිය ලබාගෙන තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක මෙම කාන්තාව ස්පර්ශවීමත් සමග ඇයට මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි.

අසල සිටි පිරිසක් එම කාන්තාව බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඇය ජිවිතක්‍ෂයට පත්ව සිට තිබෙනවා.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ බුත්තල ප්‍රදේශයේම පදිංචිකාරිණියක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි බුත්තල පොලීසිය පැවසුවේ.