අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ වාහනය ඇති වූ ආබාධයක් නිසා ඔහුට නිසි වේලාවට අධිකරණය පෙනී සිටීමට නොහැකි වූ බව පැවසුවා.
ඒ අනුව ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සඳහන් කළේ මෙම ඉල්ලීම හෙට දින මෝසමක් මාර්ගයෙන් සිදුකිරීමට පියවර ගන්නා ලෙසයි.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.



