Published
මාතර - තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු එලෙස තුවාල ලබා ඇති බවයි.
ඔවුන් දෙබරවැව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
මාතර සිට තිස්සමහාරාමයට ධාවනය කළ පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක ගැටී එම බස් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
එහිදී එම බස් රථය ගසක ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
තුවාල ලැබූවන් අතර බස් රථ රියදුරාද වනවා.




