Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණයකට අදාලවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්රකාශ සටහන් කරගැනීම සදහා අද උදෑසන කිරුළපන පිහිටි ඇගේ නිවසට ගොස් තිබෙනවා.
එහිදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.




