බොරලැස්ගමුව, ලියනගේ පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26 ක තරුණයෙක්.

බහින්බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව ඔහුගේ සහෝදරයා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීිසිය පැවසුවේ.

වයස අවුරුදු 23 ක් වූ සැකකාර සහෝදරයා බොරලැස්ගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.