හොරණ, බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එහි හිමිකරු වන ඉසුරු අනුෂ්ක පෙරේරා නොහොත් ‘ලොකු අයියා’ අද ඇපමත මුදා හැරුණා.

කෙසේ වෙතත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකෙරෙනු අතර, සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටි බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

ස්කයිප් ඔස්සේ සැකකරු නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුනා.

ඒ අනුව නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අනුව විසින් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු මුදාැරීමටයි අධිකරණය නියෝග කළේ .

සැකකරුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

සිද්ධිය  සම්බන්ධ නඩුව මෙම මස 25 වැනිදා නැවත කැඳවීමට නියමිතයි

බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගියා.