2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය පැවැති අවස්ථාවේදී කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්හිතු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට අදාළ නඩුකරය නොවැම්බර් මස  02 වන දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර  උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන බවයි.
ඒ අනුව මෙම නඩුකරය යළි නොවැම්බර් මස 02 වනදා යළි  කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළා.