Published
දහසය හැවිරිදි ළමයෙකුට කළ අමානුෂික පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එකම පවුලේ පියා, මව, දියණිය සහ පුත්‍රයා අතරින් පියා සහ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අදාළ පහරදීම ඔවුන් විසින්ම වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් එම පිරිස අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා වීජේතුංග මහත්මිය නියෝග කළේ සැකකාර පියා සහ පුත්‍රයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
එම සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාර මව සහ දියණිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසත් එහිදි නියෝග කර තිබෙනවා.
එම පහරදීමට අදාළ තවත් විස්තර පහතින්




