Published
19 90 හදිසි ගිලන් රථ සේවාව වන සුව සැරිය අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා කිහිපයක් සංසරණය වීම පිළිබඳව 19 90 හදිසි ගිලන් රථ සේවාවේ පාලන මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සභාපතිවරයා ඇතුළු පාලක මණ්ඩලය අවධාරණය කරන්නේ, මෙම සේවාව අක්‍රිය වන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
එය ජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්තියක් බවත් 19 90 හදිසි ගිලන් රථ සේවාව දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන්.
මෙම සේවාව සුපුරුදු අයුරින් ඉදිරියටත් වඩා උසස් සහ කාර්යක්ෂම අයුරින් ඉටු කරනු ලබන බව ද ඔවුන් පවසනවා.




