Published
2029 ජනාධිපතිවරණයට පෙර සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඉන් පසුව ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ හැකි බවයි.
මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවද නවීන් දිසානායක මහතා සදහන් කළා.
නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක මහතා සහභාගී වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ විඩියෝව පහතින් නැරඹිය හැකියි.




