Published
Hongkong Sixers ක්රිකට් තරගාවලියේ පළමු වටයේ තරඟයකදී උණුසුම් සටනකින් පසු බංග්ලාදේශය පරාජය කිරීමට ශ්රී ලංකාව සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර හයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 127ක් ලබාගත්තා.
ශ්රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 5යි පන්දු 2කදී කඩුලු 5ක් දැවී ලකුණු 129ක් ලබාගනිමින්.
විශිෂ්ට ප්රතිහරඹයක යෙදුණු විශේන් හැලඹගේ පන්දු 17දී නොදැවී ලකුණු 80ක් ලබාගත්තා.
හයේ පහර 11ක් සහ හතරේ පහර 3ක් ඊට ඇතුළත්.
තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන පළමු වටයේ මීළඟ තරඟය ස්කොට්ලන්තය සමග අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය පෙරවරු 7.10ට ආරම්භවීමට නියමිතයි.




