ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති තෙවසරක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සිදුකෙරෙන 07 වන සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.
මෙම එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 345 ක පමණ මූල්‍ය වාරිකයක් නිදහස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත මූල්‍ය සහනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 ක් දක්වා ඉහළ යනු ඇති.
2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ ණය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සලකා බැලීමෙන් පසු විධායක මණ්ඩල අනුමැතිය හිමිවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ.
මැදපෙරදිග කලාපයේ පවතින උද්ගත වී ඇති තත්ත්වයන් හමුවේ ඉදිරියේදී අවදානම් මතුවිය හැකි බැවින්, රට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ද මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙනවා.




