ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) 15 වන අණදෙන නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා අද (25) පෙරවරුවේ උත්සවාකාරයෙන් සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේදීයි.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පැවති මෙම අවස්ථාවට ශ්‍ර්‍රි කල්‍යාණී රාජ මහා විහාරවාසී, කැලණිය ගුරුකුල විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ මුදිත හිමියන් සහ පට්ටිවිල ශෛලාරාම විහාරාධිපති, කැලණිය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති බැරගම අරියදේව හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය වැඩම කළා.
ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන පාලින්ද විජේසුන්දර, එච්.යූ. නිශාන්ත ද සිල්වා සහ ආර්.සී. හේරත්ආරච්චි යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන රෝයි සුමනවර්ධන මහතා 1989.10.08 වන දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ අතර, 1990.10.25 වන දින පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්වි තිබෙනවා.
දෙවන කඳවුර අණදෙන නිලධාරි, කඳවුර අණදෙන නිලධාරි, ස්ථානාධිපති, ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහ කලාප අණදෙන නිලධාරි යන තනතුරුවලට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීප ආරක්ෂක නිලධාරි, විශේෂ කාර්ය බලකා නියෝජ්‍ය අණදෙන නිලධාරි (මෙහෙයුම්) සහ නියෝජ්‍ය අණදෙන නිලධාරි (පාලන) යන වගකීම් ද ඔහු සාර්ථකව ඉටු කළා.
පශ්චාත් උපාධිධාරියකු ද වන නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා දේශීය හා විදේශීය වෘත්තීය පාඨමාලා රැසක් ද සාර්ථකව හදාරා තිබෙනවා.




