Published
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි නිට්ටඹුව පොලීසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ලිංගික අපයෝජන චෝදනාවකට අදාළව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
15 හැවිරිදි බාලවයස්කාර දැරියක දුෂණය කළ බවට චෝදනා ලබා සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ දුෂණයට ලක්වු දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා ඊයේ නිට්ටඹුව පොලිසියට නියෝග කළා.




