අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී පිස්තෝල අවියක් සහ එම පතොරොම් 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරින් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එම පිස්තෝල ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත එකක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගේ නිවසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.