අයවැය තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වනවා වනවා.

ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනය වන අද දිනයේදී ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය සේවා කොමිෂන් සභා ඇතුළු වැය ශීර්ෂ විසි එකක් විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුව, මැතිවරණ කොම්ෂන් සභාව සහ ජාතික විගණන කාර්යාලය යන ආයතනවල වැය ශීර්ෂද ඒ අතරට අයත් වනවා.

උදෑසන 11 සිට පස්වරු හය දක්වා එම විවාදය සඳහා කාලය වෙන් කර තිබෙනවා.

ඒ අනුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වීමට නියමිතයි.

මේ අතර විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 97කින් සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 157ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාවව 60ක් පමණයි.