Published
සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගය සිව් වන දිනටත් දැන් ක්රියාත්මකයි.
සිය දෙවනි ඉනිම ක්රීඩා කරන සංචාරක ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 11 ක් රැස්කරගෙන සිටියා.
යශස්වි ජයිස්වාල් පළමු කඩුල්ල ලෙස දැවි ගියේ කිසිදු ලකුණක් නොලබා සිටියදීයි.
අසිත ප්රනාන්දු එම කඩුල්ල දවා ගත්තා.
සංචාරක ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 462 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ සියළු දෙනා දැවී ලකුණු 284 ක් පමණයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 190 ක් ඉදිරියෙන් සිටියා.




