ඉගැන්වීම් කටයුතු සිදුකරන සියළු ගුරුවරුන් සදහා බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මදුගොඩ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදි මන්ත්‍රීවරයා විමසා සිටියේ උපකාරක පන්ති ගුරුවරුන්ටත් අදාළ බලපත්‍රය ලබාදෙන්නේ ද යන්නයි.