මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණ මගින් දැනට ඉහළ මට්ටමක පවතින උද්ධමනය ලබන වසරේ දෙවන කාර්තුව වන විට යහපත් මට්ටමකට රැගෙන ඒමට හැකිවනු ඇති බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
උද්ධමනය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට පියවර ගත් බවයි මහ බැංකුව අධිපතිවරයා කියා සිටියේ.
මෙම වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 06 වන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.
''මෙම අවස්ථාවේදී උද්ධමනය හිතුවාට වඩා ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ප්‍රමාණය අඩුනැහැ; තවදුරටත් වැඩි වෙමින් තියෙනවා කෙටි කාලීනව. ඒ නිසා මේ අවස්ථාවේදී යම්කිසි ආකාරයක මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමක් අවශ්‍ය වෙනවා – උද්ධමනය යම්කිසි ආකාරයකින් ස්ථාවරත්වයට පත් කරගන්න. ඒ අනුව තමයි පොලී අනුපාතය දැනට පවතින 8.75 ප්‍රතිපත්ති පොලී අනුපාතය 9% දක්වා බේසිස් පොයින්ට්ස් 25කින් වැඩි කරන්න තීරණය කළේ. ඒක තමයි පළවෙනි තීරණය. ඊට අමතරව තව තීරණය කළා දේශීය මුදල් වෙළඳපොළේ පවතින ද්‍රවශීලතාවය, ෂ්රක්චරල් ලිකුඩිට් (Structural Liquidity) කියන එක, මිලියන 450ක් විතර ද්‍රවශීලතාවය බැංකු පද්ධතියේ තියෙනවා දැනට තියෙන එකෙන් කෙටි කාලීනව සමහර ඒවා බැංකුවට අරගෙන අර පේන විදිහට චාට් එකේ මිලියන 150 - 160ක් විතර තියාගෙන ඉන්නවා. නමුත් අමතරව මිලියන 300ක් විතර තියෙනවා ෂ්රක්චරල් ලිකුඩිට් (Structural Liquidity) සප්ලස් (Surplus) එකක්.අපි හිතනවා මේක තමයි හොඳම අවස්ථාව මේ එස්.ආර්.ආර්. (SRR) සංචිත ප්‍රතිස්ථාපිත සංචිත අවශ්‍යතාවය, ඒ කියන්නේ බැංකු වලින් මහ බැංකුවට ඒගොල්ලන්ගේ තියෙන තැන්පත් ප්‍රමාණයෙන් යම්කිසි ප්‍රතිශතයක් (කලින් 2ක්, දැන් තැන්පත් 3ක්) මහ බැංකුව වෙත තැන්පත් කිරීමට. වැඩපුර 1ක් තැන්පත් කිරීම තුළින් මිලියන 150කට ආසන්න ප්‍රමාණයක් අර තියෙන ද්‍රවශීලතාවය බැංකු පද්ධතිය තුළ තියෙන ද්‍රවශීලතාවය මිලියන 150ක් මහ බැංකුව අරගෙන තියෙනවා.''
උද්ධමනය පාලනයේදී ඉදිරි ඉන්ධන මිල ගණන් තීරණාත්මක සාධකයක් වන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
''එතකොට අපි හිතන්නේ මේ අගය ස්ථාවර කිරීම තුළින් හැකි ඉක්මනින් උද්ධමනය අපේ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන්. ඒ තුළින් අපිට පුළුවන් මේක ආර්ථික මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමට. ඒක රටේ ආර්ථිකයට, ජනතාවගේ ජීවන තත්ත්වයට සහ රටේ ආර්ථික ස්ථාවරත්ව තත්ත්වයට - සියලුම දේවල් වලට වැදගත්ම දෙයක් තමයි මිල ස්ථායීතාවය. එතකොට මේ ගත්ත ක්‍රියාමාර්ග දෙක තුළින් අපි බලාපොරොත්තු වෙනවා උද්ධමනය අපි කෙටි කාලීනව ඉහළ මට්ටමක තියේ නමුත් හැකි ඉක්මනින් විශේෂයෙන් ලබන අවුරුද්දේ දෙවන කාර්තුව විතර යනකොට අපේ ඉලක්ක මට්ටමට (දෙවන භාගය වගේ වෙනකොට) ඒ දිශාවට පැහැදිලිව යන්න පුළුවන්.ඉතින් අපිට පැහැදිලිව දකින්න පුළුවන් නම් යම්කිසි අවස්ථාවකදී මේක අපි හිතන විදිහට පල්ලෙහාට එනවා කියලා, අපිට යම්කිසි ආකාරයක ප්‍රතිපත්ති ලිහිල් කිරීමක් කරන්න පුළුවන්. නමුත් ඒකේ තියෙන අස්ථාවර බව තමයි, අවිනිශ්චිතතාවය තමයි, මේ තියෙන දැනට තියෙන කෙටි කාලීනව තෙල් මිල යම්කිසි අඩුවීමක් වෙච්ච එක කොච්චර දුරකට තවදුරටත් පවතිනවද, ඒ තුළින් උද්ධමනයට කොච්චර බලපෑමක් එනවද කියන එක''




