Published
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක් ගොඩනැගී ඇතත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට නොහැකි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
නෙත් නිව්ස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර බලපෑම් එල්ල වූ වහාම ආණ්ඩුවට මෙම යෝජනාව හකුලා ගැනීමට සිදුවන බවයි.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මීට පෙරද මෙවැනි සංවාද ඇතිවුවද ජාත්‍යන්තර බලපෑම් එල්ල වූ වහාම එය හකුලා ගැනීමට පැවති ආණ්ඩුවලට පවා සිදුවූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසුවා.




