දිවයිනේ ප්‍රදේශ තුනක සිදුවූ යතුරු පැදි අනතුරු තුනකින් පුද්ගලයන් තුන් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඉන් එක් අනතුරක් සිදුව ඇත්තේ මඩකලපුව ගුවන් හමුදා කඳවුර ආසන්නයේදීයි.

එහිදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරළීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් වූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බිංගිරිය, අළුපොත - අකරවත්ත මාර්ගයේ හමන්නාපහුව ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදි යතුරු පැදි දෙකක් එකිනෙක ගැටි තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහු වයස අවුරුදු 76 ක් වූ නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලොන්නරුව, දිවුලාන අතුරු මාර්ගයේ දි යතුරුපැදි දෙකක් එක්නෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පැදිකරුවෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.