දෙහිවල සේනානායක මාවතේ ව්‍යාපාරික ස්ථානයකට තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වූ කාන්තාවන් හය දෙනකු ඇතුළු දස දෙනකුගෙන් යුත් පිරිසක් එහි සේවකයින්ට පහරදී රුපියල් දහතුන් ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

නාදුනන පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසා පළමුව එම ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ සඳහා රුපියල් 45,000ක මුදලක් ඔවුන් විසින් අයකැමි වෙත ලබා දී තිබෙනවා.

ඔවුන් වෙත රූපවාහිනි යන්ත්‍රය ලබාදීමට එය පරීක්ෂා කරමින් සිටියදී ප්‍රමාද වන බව පවසා එහි සේවකයින් සමග බහින්බස්වීමක් ඇති කරගෙන ලබා දුන් මුදල් ආපසු ලබාගෙන පිටව ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් යළි ඔවුන් දෙදෙනා තවත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් කිහිපදෙනෙකු සමග ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වී එහි සිටි සේවකයන්ට පහරදී බෑගයක දමා තිබූ රුපියල් දහතුන් ලක්‍ෂ නව දහසක මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සදහා දෙහිවල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.